Sunday 17 April 2011

යන්නේ කවදාද මහ රජු දකින්නට




අළුත්  ජනකවි 8 මෙතනින් කියවන්න


කන්නේ මාළු මයි හිතෙනා විටින් විට
බොන්නේ ලැබෙන දේ කළ පව් වලින් පිට
ඉන්නේ කැළණියේ පරවේනියයි මට
යන්නේ කවදාද මහ රජු දකින්නට


මං බාලේ පටන් වැලි කෙලියේ මිතුරු
දැං රාලේ රජුන් හා කෙළි නම් නපුරු
මුං කෝලේ කලත්,   දවසක  දී නුඳුරු
අං ලීලේ බලන්නට එන්නෙද  කවුරු


ගස්සා අඩි තබා ලොක්කා වෙමිය කියා
පුස්සා නටපු හැටි දැක්කම හිනහ ගියා
බස්සා වගේ හිටියට නොදොඩමින් පියා
නිස්සා නිසි තැනදි උස්සා තියයි එයා


පිට ඉදන් අපිට බැන අඬ ගැසු වාර
ගෙට ඇරන් යන්න පෙන්නා දුනි පාර
හොට  ඇනන්  විහින්  නැති වුන කල ධූර
මට නොවේ අඩව් නැට්‍ටුන්ටයි බාර


කවී කී කට කෙදිරි ගානා නියාවේ
අවි බිම තැබූ අපිට කවුරුත් හිනාවේ
සවියට අපේ වඟක් වත් නැති වෙලාවේ
මැද පෙරදිග ‍රැල්ල වත් වාසනාවේ

2 comments:

ගල්මල්-Coral said...

රැල්ලේ නැගි ඇඟිල්ල දික්වේ පිට දේසෙට
වාසිය බෙදාගන්ටා කතරේ කාලපෙට
දෙදෙරුවොත් බිම්කඩ ඉරිතැලෙන්නට
සුනාමියක් වේ දෝ ජනරල අපේ දූපතට

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral

එකෙක් බලය ගෙන ඒ බලය පෙන්වනා
තවකෙක් ඒ බලය ගන්නටම වලිකනා
මෙතෙක් ආ ගමන දැන හැඳින ගත්මෙනා
කෙනෙක් මෙහෙමෙ ජනකවි කියා හිනැහුනා