Thursday 11 November 2010

නිහඬ බව




දු‍ටු සිහිනෙහි මුලා
මම මෙහි පැටලිලා
නුඹ ඉන් ගලවනා
මඟක් සොයමි මනා


නෙතින් සිනහ වෙලා
සිතින් තරහ වුනා
නෝක්කාඩු සිතින්
බලන්නේද ඉතින්


සොඳුරු බවට නුඹේ
කවුරුත් ලොබ බඳී
බැඳි බැමි සිහි නොවී
සිතුවිළි කළ හදී


පිපී දිලෙන නමුත්
මලේ සොඳුරු බවක්
ගෙවත්තෙදී නොවේ
වැටෙන් එහා තරම්


පුවත් නොදැන යථා
නුඹත් දුකිනි මෙදා
ඇතුන්ලවත් ඇදා
දෙනු නුවනක්! සදා


නිහඬ බවත් මහා
හඬක්ය කලබනා
හිඩැස හදෙහි තැනූ
නොදත්ය කාරණා  .......



7 comments:

Buddi Tharanga said...

ලස්සනයි ....

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

මා ලියූවා ලඟදි
නිහඬ බව ගැන පේලි
ඔබ එකවි දුටුවෙදැයි
නොදුටිදැයි නොම දනිමි
එහෙත් ඔබ පද පේළි
දැනේ ඒ හා සබැඳි
ඒ නිසා මට සිතුණි
ලියන්නට එයත් මෙහි

Srimanjula said...

නොයෙක් ගී පද සවණ රැව්දී නිහඬ වෙයි හද ආලයේ
නිහඬතාවය හොඳම ගීයයි හඬින් පිරි මේ ලෝකයේ

විහඟ ගීතය said...

@ අවර්ණ

සිතක අසිරි සිරි
මතකෙහි පැටලුනි
නිහඬව සිතුවිළි
දවයි හිතෙහි ගිනි

විහඟ ගීතය said...

@ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත


නොදුටිමි එකව් විත් පෙන්වන තුරු පාර
හැදිනෙමි කවි සිතක කවි එක්වෙන ආර
යන එන අතර නැවතත් මේ දස නෑර
එන්නේනම් යෙහෙකි කවි කියවමු නොහැර

විහඟ ගීතය said...

@ SRI MANJULA

ඔබෙ නිහඬ බව ඇයිද කාරණ
අළුත් මොනවත් නොලියවේ
විහසිතෙහි දොර අඟුළු දමලා
කොයිබදෝ සැඟවී ගියේ

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

සොඳුරු වදන් වැල් ලියැවෙන පාර අසා
අතුරුජාලයේ පතිරුණු සතර දිසා
විහඟ ගීතයේ මියුරුව විඳින ලෙසා
නොහැර එන්නෙමිය සැමදා සිතින් තොසා