Wednesday 15 September 2010

සොර බොර වැවට බැස්සයි නාඹර ඇත්තූ


අළුත් ජනකවි   04, 03, 02, 01,  මෙතනින් කියවන්න


ඒ දන්ඩේ මට තනියම යන්න බැරී
දහ අටවැනි විසදුම ඉවසන්න බැරී
මගේ ගෙදරවත් හුස්මක් ගන්න බැරී
පිලේ පැදුර සිහිවෙන කොට ඉන්න බැරී


එක පුන්සඳම ගුරු කරගෙන ‍රැදෙන තුරු
නෙක තරු ‍රැසට අරුමය නම් සඳය ගරු
නිකරුනේ කල්ගෙවා ගොඩයන මඟ ඇහිරු
සැකයෙනි! ඇවිත් "කරු යළි පායයිද හිරු"


දාහත් දෙනෙක් ඇරගෙන "කරු" ගිහිල්ලා
දහසය දෙනෙක්  අතහැර යළි ඇවිල්ලා
දාහත් දෙනෙක් ආයෙත් ගොස් ඉගිල්ලා
නෑ දුක් මෙහෙ ඇවිත් මංගල කුරුල්ලා


"පබා" හට "කරූටත්" වැඩියෙන් ලැබුන
කෝප නොවුන කල රජු පාමුල ‍රැඳුන
එසැඬ "මනාය" ගව් සිය ගව් දුරින
රජුට හිනා..... වුව තව කෙනෙකුට ඇඬුන


දිය බොර කලදි කවුරුත් වල ඉහගත්තූ
ගියවර වගේ නොවේ දෙකොනම ගිනිගත්තූ
පියවර ඉදිරියෙහි මඟ පාදා ගත්තූ
සොරබොර වැවට බැස්සයි නාඹර ඇත්තූ


ලස්සන හිමවතේ අසිරිය වැඩෙන්නේ
දුක්දෙන අලින් කර, සීනුව බඳින්නේ
‍රැක්මෙන රටත් රටවැසියත් තමන්නේ
ඉක්මන හොදයි.. රජ්ජුරුවොයි වඩින්නේ....

8 comments:

Shadow/හේමලයා said...

Great......

Anonymous said...

වෙනද වගේම නුඹේ කවි පද සොයා ගෙන ආවා..

රස්නය වැඩි නිසා නුඹෙ සෙවනට ආවා
ඒ ආ විටදි අලි රෑනක් පැන දීවා
පෙම් කවි පොතේ පිටු ඉවරයි නුඹ කීවා
ආපසු හැරී අවුවෙම මම යළි ආවා

------------------------------

ඒ එන ගමන් මම මෙහෙම හිතුව...

18 සන්නියට රටක්ම නටන රඟේ
රජු නොම නටයි අනිකුන් පා තබන රඟේ
ඒ හැමටම වඩා නුඹ කවි බදින රඟේ
පෙම් කවි කුමට මේ පද සිත රඳන රඟේ

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

මේ ලෝකෙදිම පළදෙන පව් පළදීම
ගැන උපහැරණ අළුතින් කුමකට පෑම
ගැහැණුන් මිනිස්සුන් කළ නොහැකිව තාම
අලියට නිල තියන්නේ කවුරුද කෝම ?

විහඟ ගීතය said...

@ Anonymous

හැත්තෑ අටේ දී අස්වීමත් දීලා
මේ කෙමනටම අත්දෙකමත් උස්සාලා
දහසය වතාවක් සංශෝධන දීලා
දාහත ලඟදි දහ අට පාලිය පාලා

මතකය අවදි කර හැත්තැ අටට කලින්
පත්තර වල කියූ දේවල් නැවත බලන්
විස්තර මොටද ගිය නුවණට අඟුළු තියන්
කප්පර කට අලින්ටත් බැහ අදිනු බොලන්

priyantha said...

හ්ම් ඇත්ත. විශිෂ්ඨයි.....

charmi said...

එළම තමා - තව තව කවි ලියපන්නේ...

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

අබුද්දස්ස කාලෙට වන වැඩෙහි මනා
විපක්ෂයම ගොස් රජ සෙවනටම වුනා
ලබුත් තිත්ත වූ කළ වළඳනු නොහෙනා
ඇබිත්තියන් ටික විතරක් ඉතුරු වුනා

විහඟ ගීතය said...

@ charmi

ගනන් හදා ගෙන තම නිසි වයස දැන
තවත් වසර දොළහක්, දහ අටක් මැන
නහින්නට කලින් මෙලොවට වැඩක් වෙන
ලගින්නට කොහෙද? මේවගේ තැනක් වෙන