Thursday 10 June 2010

ළිඳ ලඟ


7 comments:

මාතලන් said...

පොඩි කාළේ වෙලේ ළිඳ මතක් උනා.....

Anonymous said...

තඩි කොයින්ද ෂැම්පු දාන ඔලු වලට
රෙදි ගොඩ කුමට වොෂින් මැෂින් ඈත ලගම
ලිද කුමකට රූම් එකේ නාන කොට
කට දෙඩිල්ල නම් තවමත් තුරන් නැත

විහඟ ගීතය said...

@මාතලන්
ගතවුන ළමාවිය ගම ගේ දොර අතර
නොමැකෙන සමරු වේ සිහි ගැන්වෙන නිතර
තනිකර දමා ආවත් නොරටක එතෙර
මතකය සුවඳමය පීඳුනු මල් අතර

විහඟ ගීතය said...

@වත්
කලකට ඉහත හැම ගමකම තිබුනාලූ
දවසම වගේ එහි අඩුවක් නැතිවීලූ
ලිඳ ළඟ සංගමය නැහිවීමෙන් පාළු
ගමටම තිබුන ලොකු ලිඳ වැලපෙනවාලු

Anonymous said...

ළිඳ වැලපෙන්නෙ ළඳ ළඟ නැති කළාට
ගම වැළපෙන්නෙ නොරටන නුඹ ගියාට
මල වැලපෙන්නෙ බඹරුන් පැන ගියාට
මම වැලපෙන්නෙ නුඹ නොලැබී ගියාට

Anonymous said...

වෙළේ ළිද වගෙයි මාගේ සිත මෙන්න
කොපමණ හිස් කළත් අඩුවක් නොම වෙන්න
ඒ සිසිලසෙන් නුඹ හා මා නෑවෙන්න
පිං මදි වේද වෙළ ළඟ ළිදේ තනි වෙන්න

විහඟ ගීතය said...

@වත්
සඳ දකිනා නමුත් අසලට යනු බැරිය
විඳ ගැනුමට අසිරි එය කරුනක් නොවින
මඳ හස පෑව හිත තනි නොතනිය රකින
ලිඳ ළඟ වුනත් ළඳ ලඟපාතක නො එන