Sunday 9 May 2010

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී..........
















සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී...

කැන්දා කාන්තිය මුඳු සඳ වත පිපුන
සැන්ඳැ වළාවක ‍රැඳි සිසිලින් පිරුණ
මුඳු බව ‍රැගෙන සමනළ ත‍ටුවල ‍රැදුන
ආඩම්බර ගතිය මොනරිඳු ගෙන් ‍රැගෙන...

අහසක් සේ අනන්තයකට යන ඇල්ම
සහසක් තරු පොකුරු පරදාලන  බැල්ම
වෙහෙසක් නොදැනෙනා කතිකාවෙහි ලොල්ව
රහසක් වුනේ නැහැ මට නුඹගේ කැල්ම...

මිටිකොට පරෙවි යහනක සුව පහස සදා
තරු කැට, හිරු එළිය ගෙන   උණුසුම පහදා
මිණි කැට බඳු වූ නෙත් යුග පෙරමඟ පවසා
කැටිකොට පෑ සෙනෙහේ ගඟ නොසිදේය සදා

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
පෑ නෙතින් කඳුලු නුඹ ළඟ වියැලේවී
මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී......

8 comments:

ගල්මල්-Coral said...

බලාපොරොත්තුව පිරී උතුරා යන සුන්දර කව්පෙලක්, ලස්සනයි.

සුබපැතුම්!

මැණික්(සුළඟ) said...

හරිම ලස්සනයි. සංවේදී බව උතුරා යන විදියට ලියල තියනවා.

Srimanjula said...

මිහිමත පරම සුව හා සැප සතුට වෙලා
ජීවිත කථාවක් යයි හෙමි හෙමින් ගලා
පෙම්වත පෙම්වතියකට ලිවු කව් සඳැස් බලා
පෙම් සිත කොහේ දෝ තිබු යලි අලුත් වෙලා

විහඟ ගීතය said...

@
ගල්මල්,
මැනික් ,
ශ්‍රි මංජුල

ගල්මල්, මැනික් ,ශ්‍රි මංජුල තු‍ටුව සිත
මා දු‍ටු සිහිනයේ කදිමට කිමිද ඇත
කොයි කොයි සිත් වලත් නොමියෙන සිනහවත
මේ සිහිනයෙන් බෝ ඈතට ‍රැගෙන යත

Anonymous said...

බලාපොරොත්තුව නෙත් වල දිලිසෙනවා
ඇගේ සිහිනයේ නූඹ නිතරම රජ වෙනවා
කුමරිය කුමරා සමගින් නිති එක් වෙනවා
ඔබගේ පැතුම මතු දවසක රජ වෙනවා

පැතුමන් පතන්නේ නිරතුරු එක්වෙන්නයි
එය සිහිනයක් සේ නොපෙනී නොම යන්නයි
ඇය ගේ ලොවේ තහනම් වැ​ටි කඩවෙන්නයි
අලුත් හෙටක් නුඹ වෙනුවෙන් ඉදිවෙන්නයි

විහඟ ගීතය said...

@වත්

සිතු දේම වේවා
සිතුවිළි බොද නොවේවා
සෙනෙහේ ගඟ පාවා
පතන කුමරා ළඟම ඒවා

සිතුම් ජය ගන්නයි
සිතුවිලි සපල වෙන්නයි
බාධා මැකෙන්නයි
අලුත් හෙට අද හෙටම ඒන්නයි

මම said...

ඔබ පතනා කුමරිය මතු හමුවෙන්නයි
දෙසුලැගිලි රන් හූයෙන් පැටලෙන්නයි
පින්වත් පැටව්න්ගෙන් ලක් මව සනහන්නයි
ආසිරි ගෙනාවෙමි මම එය ඉටුවෙන්නයි


බෝ විගසින් ඒ ලද ඔබ සතු වේවා
ඔබ දෙපලටම පින්වත් දරුවන් වේවා
සැමදිනකම සිත් සතොසින් පිබිදේවා
මුලු ජිවයම එක බැල්මට නතු වේවා

විහඟ ගීතය said...

@ මම
ඇවිදින් ඉද හිටලා හෝ දුක සැප බලන
ඔබවන් මිතුරියන් බෝ සතුටකි ඉතින
පැතුමන් ඉත සිතින් ඉටවන්නට පතන
එපිනෙන් ඔබෙත් නොපිරුන පැතුමන් පිරෙන